මව්බිම ජනතා පක්ෂයේ සභාපති ධුරයෙන් එම ධුරය දැරූ හිටපු අමාත්‍ය සරත් අමුණුගම ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වෙනවා.
එම පක්ෂයේ නායක දිලිත් ජයවීර වෙත ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කර ඇති බව සඳහන් වෙනවා.
මව්බිම ජනතා පක්ෂය ආරම්භ කළ දිනයේ පටන් එහි සභාපති ධුරය දරනු ලැබුවේ සරත් අමුණුගම විසින්. දේශපාලනයට එහා ගිය පෞද්ගලික හිතවත්කමක් ද මේ දෙදෙනා අතර ඇති බැවින් මෙම ඉල්ලා අස්වීමට හේතුව පැහැදිලි නැති බවයි වාර්තා වෙන්නේ.