රනිල්ට සහය දෙන නව සන්ධානයේ සභාපති දිනේෂ්

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සහය පළ කිරීමට තීරණය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටි මන්ත්‍රී කණ්ඩායම විසින් නිර්මාණය කරනු ලබන නව සන්ධානයේ සභාපති ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන පත් කිරීමට නියමිතව ඇති බව එම කණ්ඩායමේ ප්‍රකාශකයෙකු සදහන් කළා.

ඒ අනුව එහි මහලේකම්වරයා ලෙස අමාත්‍ය රමේෂ් පතිරණ ද ජාතික සංවිධායක ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පත් කෙරෙන බව ඉහත ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියා.

අද (14) දිනයේදී නව සන්ධානය ඇතුළු වමේ පක්ෂ කිහිපයක්ම සහ සුළු ජාතික පක්ෂ කිහිපයක් පොදුජන එක්සත් පෙරමුණට එකතු වීමට නියමිත අතර ලබන 16 වැනිදා පොහොට්ටුවෙන් වෙන්වුණු කණ්ඩායමද අලුත් සන්ධානයක් බිහි කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles