අබිරහස් ලෙස මියගිය දිනේෂ් ෂාෆ්ටර් වෙනුවෙන් රක්ෂණ වන්දි මුදල් ගෙවීම සතියක කාලයක් දක්වා අත්හිටුවන තිබෙනවා.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය විසින් මෙම අත්හිටුවීම නියෝග කළේ ෆෙයා ෆස්ට් හා ජනශක්ති රක්ෂණ සමාගම්වල බලධාරීන්ට එරෙහිවයි.
ෂාෆ්ටර් මහතාගේ මරණය අපරාධයක් බවට තහවුරු වී ඇති බැවින් ඒ පිළිබඳව කෙරෙන විමර්ශන කටයුතු සඳහා සහය දැක්වීමක් ලෙස සතියක කාලයක් යනතෙක් අදාළ අයට එම රක්ෂණ වන්දි මුදල් ගෙවීම අත්හිටුවීමට එම රක්ෂණ සමාගම්වල බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කර තිබුණා.
බොරැල්ල පොදු සුසාන භූමිය අසලදී සිදුවූ අබිරහස් සිද්ධියක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ ෂාෆ්ටර් මහතා ඉකුත් වසරේ දෙසැම්බර් මස 16 දින මියගොස් තිබිණා.