තරුණයන් 11 අතුරුදන් කිරීම: කරන්නාගොඩගේ පෙත්සම විභාගයට

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම විභාග කිරීම සඳහා පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙනවා.

ඒ 2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ගොනුකර තිබෙන නඩුව බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වසන්ත කරන්නාගොඩ විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම විභාග කිරීම සඳහායි.

අදාළ ඉල්ලීම සලකාබැලීම සඳහා එම පෙත්සම අද අභියාචනාධිකරණයේදී සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී අදාළ පෙත්සම විභාග කිරීම සඳහා පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා නියෝග කළ අතර එම විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම මේ මස 25 වනදා විභාගයට ගැනීමට නියම කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles