උපාධි සල්ලි අරන් කට්ටි පැන්න රේගු නිලධාරීන් ගැන අනාවරණයක්

රේගු දෙපාර්තමේන්තුවේ වන්දි අරමුදලින් රුපියල් කෝටි 13ක මුදලක් වැය කර පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරූ රේගු නිලධාරීන් 323 දෙනෙකුගෙන් පාඨමාලා අවසන් කර සහතික පත්‍ර ඉදිරිපත් කර තිබෙන්නේ 149 දෙනෙකු පමණක් බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙනවා.

ඉතිරි නිලධාරීන් එම පාඨමාලාව සාර්ථකව අවසන් කළාද අත හැරියේ ද යන්න පිළිබඳව රේගු දෙපාර්තමේන්තුව තොරතුරු ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බවද එම වාර්තාවේ සඳහන්.

ඒ ගැන පසු විපරම් කිරීමේ ක්‍රමවේදයක්ද රේගුව සතුව නැතැයි‍ විගණන නිලධාරීන් පෙන්වා දෙනවා.

මේ අතර ශ්‍රී ලංකා රේගුව 2012 වර්ෂයේ සිට 2013 වර්ෂය දක්වා වසර දොළහක කාලයක් තුළ නිලධාරීන්, ඔත්තු කරුවන් හා විවිධ සේවා සපයන අංශ සඳහා රුපියල් කෝටි 2352ක් වටිනා ත්‍යාග මුදල් ගෙවා ඇති බවද විගණන කාර්යාලය පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles