විගණන නිර්දේශ සතපහකට ගණන් නොගන්නා රාජ්‍ය ආයතන ගැන අනාවරණයක්

පසුගිය කාලය පුරාවට රාජ්‍ය ආයතනවල සිදු වූ දූෂණ වංචා සහ විවිධ අක්‍රමිකතා හේතුවෙන් රජයට සිදු වූ පාඩුව කෝටි 1000කට වැඩි බව විගණන කාර්යාල ආරංචි මාර්ග පවසනවා.

අදාළ මුදල් එම වංචා සිදු කළ නිලධාරීන්ගෙන් අයකර ගැනීමද මෙතෙක් සිදු වී නැති බව ඔවුන් පෙන්වා දෙනවා.

මෙලෙස දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් නම් සඳහන්වී ඇති රාජ්‍ය ආයතන තිහකට වැඩි සංඛ්‍යාවක ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් 400 කට වැඩි නිලධාරින් පිරිසක් සම්බන්ධයෙන් කාලයක සිට නීතිය ක්‍රියාත්මකවී නැති බව‍යි පැවසෙන්නේ.

වගකිවයුතු නිලධාරීන්ගෙන් පාඩුවූ මුදල් අය කර ගන්නා ලෙස විගණන නිලධාරීන් නොයෙක් වර නිර්දේශ කර ඇතත් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කිසිදු පියවරක් ගෙන නැති බවද සඳහන්.

දූෂණ වංචා සහ අක්‍රමිකතාවලට සම්බන්ධ නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙස කෙරුණු නිර්දේශ බොහොමයක් ආයතන ප්‍රධානීන් ක්‍රියාත්මක කර නැත්තේ එම දූෂණ වංචාව සඳහා ආයතන ප්‍රධානීන්ද සෘජුව හෝ වක්‍රාකාරව සම්බන්ධවීම නිසා බවද ඔවුන් කියා සිටිනවා.

මේ වන විට බරපතළ දූෂණ වංචා සහ අක්‍රමිකතා සිදුවූ ආයතන 12 ක් පමණ හඳුනාගෙන ඇති අතර ඇතැම් දේශපාලනඥයන් චෝදනා ලැබූ නිලධාරීන්ට රැකවරණය ලබාදීම මෙම වංචා දූෂණ යට යෑමට ප්‍රධාන හේතුවක් බව විගණන අංශ ප්‍රකාශ කරනවා.

එමෙන්ම සීනි බදු වංචාව, බාල පොහොර සිද්ධිය ඇතුළු මෙරට ආර්ථිකයට විශාල පාඩුවක් සිදු කළ ප්‍රධාන පෙළේ ජාවාරම් වලට සම්බන්ධ බව කියන නිලධාරීන් සම්බන්ධයෙන්ද මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles