මෛත්‍රීගේ පැති මාරුවක් ගැන අමරවීරගෙන් අනාවරණයක්

ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහයෝගය පළ කිරීමට කැමති බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කර ඇතැයි ඇමති මහින්ද අමරවීර පවසනවා.

නමුත් ජනාධිපතිවරයා එය ප‍්‍රතික්‍ෂෙප කරමින් විශ්වාසය තැබිය නොහැකි පුද්ගලයකුගේ සහාය තමන්ට අවශ්‍ය නැති බව දැනුම් දුන් බවයි ඇමතිවරයා ප්‍රකාශ කරන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිවරයා අද යන එන මං නැති තත්ත්වයකට පත්ව ඇති බවත් කිසිදු පක්ෂයකින් ඔහුව භාර ගැනීමට කැමැත්තක් නොදක්වන බවත් ඔහු කියා සිටිනවා.

තම පක්ෂයේ හිටපු නායකයකු හිටපු ජනාධිපතිවරයෙකු මෙතරම් පහත් තත්ත්වයකට ඇද වැටීම පිළිබඳව කණගාටුවට පත් වන බවයි ඇමති අමරවීර පවසන්නේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles