ඉන්දියානු දුඹුරු සීනි ලෙස හඳුන්වමින් මෙරට වෙළෙඳපොළට නිකුත් කරන සීනි ජාවාරමක තොරතුරු අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත දුඹුරු සීනි සමග ඉන්දියාවෙන් ආනයනය කරන ලද සුදු සීනි මිශ්‍ර කරමින් මෙම දුඹුරු සීනි මෙරට වෙළෙඳපොළට නිකුත් කරන බවයි පාරිභෝගික අධිකාරියට අනාවරණය වී ඇත්තේ.
ඇඹිලිපිටිය ප්‍රදේශයේදී ඊයේ (15) සිදුකළ වැටලීමකදී මෙම ජාවාරම පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති අතර අදාළ ව්‍යාපාරිකයා කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදුකර ඇති බවට සැක පළ කරනවා.
එම ස්ථානයේ තිබී කිලෝග්‍රෑම් 50 හිස් සීනි ඇසුරුම් 2500කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර ඒවා තුළ තිබූ සීනි ඉන්දියානු දුඹුරු සීනි ලෙස වෙළෙඳපොළ තුළ අලෙවි කර තිබේද යන්න පිළිබඳව විමර්ශනය කිරිම මේ වන විට ආරම්භ කර තිබෙන බවයි සඳහන් වන්නේ.
මෙලෙස මිශ්‍ර කරන ලද දුඹුරු සීනි කිලෝවක් රුපියල් 300ක පමණ මිලකට අලෙවිකර ඇති බවයි වාර්තා වන්නේ.