අඩු කළ විදුලි මිල ගණන් මෙන්න!

මෙම වර්ෂයට අදාළ දෙවන විදුලි ගාස්තු සංශෝධනය 22.5%ක් බව මහජන උපයෝගීතා කොමිසම මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළා.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එහි සභාපතිවරයා සඳහන් කර සිටියේ, ගෘහස්ත විදුලි ඒකකයක මිල රුපියල් 8 සිට 6 දක්වා අඩුකර ඇති බවයි.

ඒ අනුව ගෘහස්ත විදුලි ඒකක 30 – 60ත් අතර අගය රුපියල් 20 සිට රුපියල් 9 දක්වා අඩුකර තිබෙන අතර එය 55% අඩුවීමක් බව සඳහන්.

ඒකක 30ක් භාවිත කරන පාරිභෝගිකයෙකුගේ මාසික විදුලි බිල්පත් අගය ඒ අනුව රුපියල් 280ක් බව ද මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කළා.

ඒකක 60ක් භාවිත කරන පාරිභෝගිකයෙකුගේ මාසික විදුලි බිල්පත ඒ අනුව රුපියල් 700ක් ලෙස දැක්වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles