අධිකරණ වෛද්‍ය විශේෂඥයෙකුගේ නිල මුද්‍රාව භාවිතා කරමින් විවිධ පුද්ගලයන්ට මත් පෙති මිලට ගැනීමට බෙහෙත් වට්ටෝරු ලියා දුන් තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මත්පෙති, එකී නිල මුද්‍රාව සහ හෙරොයින් පානය සඳහා යොදාගන්නා උපකරණයක්ද ඒ සමඟ පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මත්පෙති ළඟ තබාගෙන සිටි තරුණයෙකු අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු සතුව මෙවැනි බෙහෙත් වට්ටෝරු කොළයක් තිබී ඇති අතර ඒ් ගැන විමසීමේදී සැකකරු ගැන හෙළිව ඇති බව වාර්තා වෙනවා.
මෙසේ අත්අඩංගුවට පත් තරුණයා මාලදෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. කොටදෙනියාව ප්‍රදේශයේ ආයතනයක වෛද්‍යවරයෙකු යටතේ සේවය කරන ඖෂධවේදියෙකු විසින් මාලදෙනියේ තරුණයාට විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ නිල මුද්‍රාව සහිත ලිපි ශීර්ෂයක් ලබා දී ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.