ඡන්ද ගන්න වතුකරයට රා බෙදලා : මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

ජනාධිපතිවරණයේදී ඡන්දදායකයන් හරවා ගැනීමේ අරමුණින් දේශපාලන පක්ෂ හා සංවිධාන ගණනාවක් වතුකරයේ ඡන්දදායකයන් අතර මහා පරිමාණයෙන් රා බෝතල් තොග වශයෙන් බෙදා හරින බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවට ලද පැමිණිල්ලක් අනුව එම විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව වාර්තා කරන්නේ.

ජනාධිපතිවරණයට තරඟ කරන අපේක්ෂකයන්ට සහාය ලබාගැනීම සඳහා දේශපාලන පක්ෂ හා විවිධ කණ්ඩායම් මෙලෙස මහා පරිමාණයෙන් රා බොතල් බෙදාහැරීමත් සමඟ ඇතැම් වතු කම්කරුවන් දිනපතා රැකියාවට පැමිණීමේ කැපීපෙනෙන අඩුවක් පවතින බවද වතු අධිකාරීවරු සඳහන් කරන බවද මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙනවා.

සති දෙකක පමණ සිට වතුකරයේ ඡන්දදායකයන් අතර මෙලෙස මහා පරිමාණයෙන් රා බෙදා හරිමින් තිබෙන අතර ඇතැම් පිරිස් කලහකාරී ලෙස හැසිරීමට පටන්ගෙන ඇති බවද අදාළ පැමිණිල්ලේ සඳහන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles