අත්අඩංගුවට ගන්න එපා – දමිතාගේ ඉල්ලීමට අධිකරණය දුන් තීන්දුව

රංගන ශිල්පිනී , සමගි ජනබලවේග පක්ෂ ක්‍රියාකාරිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා විසින් ආගමන හා විගමන පණත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි අභියාචානාධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

දමිතා සහ ඇගේ සැමියා අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කරන්නේ විදේශ රැකියාවක් ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක් වංචා කළ බව කියන සිදුවීමකටයි.

කෙසේ වෙතත්, ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ විනිසුරු මඬුල්ල පෙත්සම්කාරිය අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් නොකිරීමට තීරණය කරමින් පෙත්සම විභාගයට ගැනීම සඳහා වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන ලෙස නියෝග කරනු ලැබුවේ ඊයේ (02) දිනයේදීයි.

පෙත්සම යළි කැඳවීමට මැයි මස 16ට දින නියමව තිබෙනවා.

දමිතා සහ ඇගේ සැමියා මේ වන විට අතුරුදහන්ව සිටින අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන් සොයා විමර්ශන සිදු කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles