ජනමාධ්‍ය වෙත තොරතුරු ලබා දෙන රාජ්‍ය නිලධාරීන්ට දඬුවම් දෙන බව සදහන් චක්‍ර ලේඛයක් සෞඛ්‍ය ලේකම්වරයා නිකුත් කර තිබෙනවා.
ඒ අනුව දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අනුමැතියකින් තොරව මාධ්‍ය වෙත තොරතුරු ප්‍රකාශ කරන සියලුම නිලධාරීන්ට එරෙහිව විනායානුකූල ක්‍රියාමාර්ග දියත්
කරන බවයි සෞඛ්‍ය ලේකම් එස්.ජනක චන්ද්‍රගුප්ත එම චක්‍රලේඛයේ සඳහන් කර තිබෙන්නේ.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු අංක SC/FR/371/2022 යටතේ නිකුත් කරන ලද නඩු තීන්දුවට අදාලව දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අනුමැතිය නොමැතිව කිසිම රාජ්‍ය නිලධාරියෙකුට ජනමාධ්‍ය වෙත තොරතුරු ලබා දිය නොහැකි බව ද සෞඛ්‍ය ලේකම්වරයා එහි සඳහන් කර තිබෙනවා.
මෙම චක්‍ර ලේඛනය පහතින් දැක්වේ.