පාර්ලිමේන්තු සජීවී විකාශය නතර කර එය පැය භාගයක් ප්‍රමාද කර විකාශය කරන්නැ යි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කතානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංගගෙන් ඉල්ලා තිබෙනවා.
මන්ත්‍රීවරයා මෙසේ ඉල්ලා ඇත්තේ අනවශ්‍ය මඩ ප්‍රහාර සහ වෙනත් බොහෝ දේ පාර්ලිමේන්තුව තුළ කතා කරන බැවින් බවයි පවසා ඇත්තේ. අනවශ්‍ය දේට කාලය මිඩංගු කරමින් වැඩකට නැති දේවල් කතා කරන බවත් ඒවා නරඹන අයට පාර්ලිමේන්තුව ගැන ඇති විශ්වාසය නැති වෙන බවත් එනිසාවෙන් තමා මෙම ඉල්ලීම කළ බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා තිබුණා. ඒ හම්බන්තොට දී දෙසැම්බර් 10 වැනි දින පැවති උත්සවයක් අමතමින්.