කිසිදු හේතුවක් මත තැපෑල පෞද්ගලීකරණය කරන්නෑ

තැපැල් දෙපාර්තමේන්තුව නවීකරණ කටයුතු කඩිනම් කිරීම වෙනුවෙන් මේ වසරේ දී නව තැපැල් පණතක් පාර්ලිමේන්තුවට ගෙන එන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසනවා. ඒ අද ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී.

රාජ්‍ය සහ පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස රුපියල් බිලියන 10ක වියදමක් දරා තැපෑල නවීකරණය කරන බවයි ඔහු පවසන්නේ.

ලබන වසර දෙක තුල ඩිජිටල්කරණය තුලින් තැපැල් දෙපාර්තමේන්තුව ලාබ ලබන ආයතනයක් බවට පත් කරන බව රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

කෙසේ වෙතත් තැපෑල රුපියල් බිලියන ගණනක් පාඩු ලබන ආයතනයක් ලෙසයි හඳුනාගෙන තිබෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles