මෑත කාලීන මෙරට දේශපාලනයේ ආන්දෝලනාත්මක චරිතයක් වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සිය පක්ෂය වන සමගි ජනබලවේගය පක්ෂය සම්බන්ධයෙන් විවේචනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට සමාව දීමේ ගනුදෙනුවකට අනාගත සමගි ජනබලවේග ආණ්ඩුවක් කටයුතු කරන්නේ නම් තමාට දේශපාලන තීරණයක් ගැනීමට සිදුවනු ඇතැයි ඈ කියා තිබෙනවා.
සජිත් ප්‍රේමදාස ජනාධිපති වුවහොත් දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීමට ඔහු එකඟ නොවනු ඇතැයි තමාගේ විශ්වාසය වුවත් ඔහු වටා සිටින සමහර පුද්ගලයන් එම ගනුදෙනුව හොඳ බවට ඒත්තු ගැන්වීමේ උත්සාහයක් ඇතැයිද මන්ත්‍රීවරිය කියා සිටියා.
එසේ ම හිරු නාලිකාව තම ස්ථාවරය වෙනස් කර මේ වන විට සජිත් ප්‍රේමදාස වෙත උපකාර කරමින් සිටීම ඇයගේ විවේචනයට ලක් වුණා.