වර්ජනය කළැයි වෛද්‍යවරයාගෙන් සුළු සේවකයන්ට දෝස්මුර: කරාපිටියේ උණුසුම් තත්වයක්

කරාපිටිය රෝහලේ පිළිකා අංශයේ විශේෂඥ වෛද්‍යවරයා සහ කනිෂ්ඨ සේවකයන් අතර අද (17) උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ඒ, කනිෂ්ඨ සේවකයන් ඊයේ (16) වර්ජනයට එක්වී අද සේවයට පැමිණීම හේතුවෙන් ඇතිවූ වචන හුවමාරුවක් දුරදිග යෑමෙන් බවයි සදහන් වන්නේ.

“ඊයේ සේවයට නොපැමිණි උඹලා අද මොකද… එළියේ හිටපල්ලා” යනුවෙන් සඳහන් කරමින් දොරවල් වසාදැමීමේ සිද්ධියක් මුල් කරගනිමින් මෙම ගැටුම ඇති වූ බව වැඩිදුරටත් වාර්තා වෙන අතර මේ වන විට රෝහල් කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන රෝහල් ආරංචි මාර්ග පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles