උතුරු පළාතේ රජයේ රෝහල්වල වෛද්‍යවරුන් සංකේත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ යාපනය චාවකච්චේරි රෝහලට අලුතින් පත් කෙරුණුවෛද්‍ය අධිකාරීවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින්.
කෙසේ වෙතත් රජයේ රෝහල්වල හදිසි සහ අත්‍යාවශ්‍ය සේවා පමණක් සිදුකරන බවයි ඔවුන් පවසන්නේ.
අලුතින් පත් කළ මෙම වෛද්‍ය අධිකාරීවරයාගේ ප්‍රකාශයන් නිසා දැනට සේවයේ නිරත උතුරේ වෛද්‍යවරුන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇති බැවින් ඔහුට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උතුරු පළාත් කාර්යාලය නිවේදනය කරන්නේ.
අදාළ වෛද්‍ය අධිකාරීවරයා චාවකච්චේරි රෝහලට පැමිණ සෞඛ්‍ය බලධාරින් රෝගීන්ට ලැබිය යුතු දේ හොරාකමින් විවිධ දූෂණ සිදු කරන ආකාරය පිළිබඳව වීඩියෝවක් සමාජ මාධ්‍යට මුදාහැරීමත් සමඟ ඊට උරණ වූ යාපනයේ වෛද්‍යවරුන් පිරිසක් චාවකච්චේරි රෝහලට පැමිණ ඔහුට පහරදී දුරකතනය උදුරාගැනීමට තැත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මේ වන විට චාවකච්චේරි රෝහල වසා දමා ඇති අතර වෛද්‍ය අධිකාරීවරයා පමණක් රෝහල තුළ සිටිමින් රාජකාරී කටයුතු වල නිරත වන බව සඳහන්.
අදාළ වෛද්‍ය අධිකාරීවරයා පවසන්නේ තමාව අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට පහරදුන් වෛද්‍යවරුන්ව අත්අඩංගුවට ගත යුතු බවයි.