දිළිඳු දරුවන්ට නොමිලේ සීසන් ටිකට් පත් ලබා දීමට තිරණය කර ඇති බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
එසේම ගෙවීමේ හැකියාවක් ඇති අයට ගමන් ගාස්තුවෙන් තුනෙන් එකක් ගෙවා ඉතිරිය නොමිලේ ලබා දීමට කටයුතු කරන බව ද ඔහු කියා සිටිනවා.
ඒ් අනුව ශිෂ්‍ය සීසන් සඳහා මෙතෙක් අය කළේ 9% ක් පමණක් වුව ද එය ඉදිරියේ දී 30% ක් දක්වා ඉහළ දමන බවද ඔහු පවසනවා.
ඒ රජයෙන් ලැබෙන විශාල සහනාධාරයක් මත සිසුසැරිය ක්‍රියාත්මක බවත් ඊට වර්ෂයකට බිලියන දෙකක් වැය වන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
රාජ්‍ය මූල්‍ය අර්බුදය නිසා ඒ මුදල් ඉදිරියට ලබා දීමට භාණ්ඩාගාරයට හැකියාවක් නැති බවද කියා සිටි අමාත්‍යවරයා සිසු සැරිය පවත්වාගෙන යාම පිළිබඳව ගමනාගමන මණ්ඩලයට මෙන්ම පෞද්ගලික අංශයට විශාල ප්‍රශ්නයක් ඇතිවී තිබෙන බව ද සදහන් කරනවා.
එම නිසා සීසන් ටිකට් පත් සඳහා විශාල සහනාධාරයක් ලබා දෙන බවත් එවිට සිසු සැරිය සඳහා යෙදවෙන බස් රථ ප්‍රමාණය අඩු කර ගත හැකි බවයි පවසන්නේ.
ඒ නිසා මේ ගැන සොයා බලා තීන්දු ගැනීමට කැබිනට් අනුමැතියෙන් කමිටුවක් පත් කර තිබෙන බව කී අමාත්‍යවරයා සිසු සැරිය පවත්වාගෙන යාම සදහා ඩීසල් වියදම පියවා ගැනීමටවත් මේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව සඳහන් කළා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමෙන්තුවේ විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.