රෝහණ විජේවීරට පිං පිණිස පුතාගෙන් දානයක්

ජනතා විමුක්ති පෙරමුණේ නායක, ඝාතනයට ලක් වූ රෝහණ විජේවීරගේ සමරුව අදට යෙදී තිබෙනවා. භීෂණ යුගයේ ඔහු ඝාතනය කර දමා අදට වසර 34ක් සපිරෙනවා. ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉල්මහ විරු සමරුව ලෙසින් සමරන්නේද ඔහු ඇතුළුව දසක තුනකට පෙර මරා දමනු ලැබූ සිය පක්ෂ සමාජිකයන්වයි.

කෙසේ වෙතත්, රෝහණ විජේවීරගේ පුත්‍රයා වන උවිඳු විජේවීරද මෑතක පටන් දේශපාලන කටයුතුවල නියැළෙනවා. ඒ දෙවැනි පරපුර නම් දේශපාලන පක්ෂයකට නායකත්වය දෙමින්.

අද සිය පියාගේ මරණයෙන් වසර 34ක් ඉක්තුව යන දින උවිඳු විජේවීර සිය පියාට පිං පිණිස පැලවත්ත සිය පක්ෂ කාර්යාලයේදී දානමය පුන්‍යකර්මයක් සිදුකර තිබුණේ බෞද්ධ භික්ෂූන්වහන්සේලා සහභාගි කරගනිමින්. මේ සඳහා ඥාතීන් සහ පක්ෂ සාමාජිකයන් ඇතුළු පිරිසක් සම්බන්ධ වී තිබුණා.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles