රටම ආදරය කරන චාමර අයියා වෙනුවෙන් කියමින් මුදල් එක්රැස් කරන වංචනිකයන්ට අසුවෙන්න එපා යැයි ආදරණීය රසික රසිකාවියන්ගෙන් ඉල්ලා සිටින බව ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහගේ බාල සොහොයුරු බුද්ධික වීරසිංහ පවසා තිබෙනවා.
එසේම ඔහු පවසන්නේ ” අයියා වෙනුවෙන් සල්ලි එකතු කරන්න කිසිදු අවශ්‍යතාවක් නැහැ. අයියා වෙනුවෙන් වියදම් කරන්න අපට සල්ලි තියෙනවා.ඒ් වගේම අසත්‍ය තොරතුරු සහිත වීඩියෝ අන්තර්ජාලය ඔස්සේ තවමත් සමහර පිරිස් මුදාහරින බව දැන ගන්නට ලැබෙනවා. ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග අපි ගන්නවා. එවැනි අසත්‍ය වීඩියෝ දර්ශන දුටුවහොත් තම 0774 – 812245 ජංගම දුරකථන අංකයට දැනුම් දෙන්න කියලා අයියාගේ රසික රසිකාවියන්ගෙන් ඉල්ලා සිටිනවා ” බවයි.