විවිධ දේශපාලන අරමුණුවල ඉත්තෙකු වී තම පක්ෂයට අවලාද නොනගන ලෙස මිහින්තලේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගෙන් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඉල්ලා සිටිනවා.
තම ඉන්දීය සංචාරයෙන් පසු රටේ දේශපාලන පක්ෂ කලබලයට පත්ව සිටීම අරුමයක් නැතත් ඊට රටේ සංඝයා වහන්සේලා යොදා ගැනීම බරපතළ ප්‍රශ්නයක් බවයි මන්ත්‍රීවරයා පවසන්නේ. එය බුදු දහමටත් නිගරුවක් බව ඔහු අවධාරණය කරනවා.
තම ඉන්දීය සංචාරයේදී කෝටි 300ක මුදලක් ලබා ගත්තේ යැයි කියන පුවත මිහින්තලේ හිමියන් ප්‍රකාශ කිරීම කිසිසේතම සත්‍යයක් නොවන බව කී ජාජබ නායකයා බුදු දහමට නිගරුවන ලෙස දේශපාලන පක්ෂ විසින් හිමිවරුන් යොදා ගැනීම නතර කරන ලෙස ඒ ඒ පක්ෂවලින් ඉල්ලා සිටිනවා.
දෛනික පුවත්පතක් අමතා ඔහු මේ බව කියා සිටියා.