ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් යනුවෙන් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කළ ප්‍රකාශය නොදන්නාකමට කළ එකක් බැවින් එය ගණනකට නොගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පා.ම. එස්.බී දිසානායක ඊයේ (20) පැවසුවා.
මෙරට ඉතිහාසයේ පටන් ඉන්දීය ආක්‍රමණවලට එරෙහිව සටන් කර ඇති බැවින් කිසිදා එරට ප්‍රාන්තයක් නොවන බව කී මන්ත්‍රීවරයා ඉන්දියාව සමඟ ඇති මිත්‍රත්වය නිසා එවැන් ප්‍රකාශයක් කරන්නට ඇති බවයි සඳහන් කළේ.