පදවිප්‍රාප්ති උත්සව එපා කියා ජනපති රට යයි

නුවන් හෙට්ටිආරච්චි

කිසිදු පදවිප්‍රාප්ත උත්සවයක් සංවිධානය නොකරන ලෙස පවසන ජනාධිපතිවරයා පදවිප්‍රාප්ත දිනයේම (20) ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට යොදා ගෙන තිබෙනවා.

ඒ කෙසේ වුව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වී වසරක් සම්පුර්ණවීම හේතුවෙන් උත්සව සංවිධානය නොකරන ලෙස නිළධාරින් හට සඳහන් කර තිබෙනවා.

ඔහු මේ බව පවසා ඇත්තේ ජනාධිපති පදවිප්‍රප්තිය වෙනුවෙන් උත්සව සංවිධානය කිරීමට විවිධ පාර්ශවවලින් කෙරුණු ඉල්ලීම් සැලකිල්ලට ගෙනයි.

2022 ජුලි මස 20 දින පාර්ලිමේන්තුවේ ඡන්ද 134ක් ලබා ගනිමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් වී ජුලි 20 වනදාට වසරක් සම්පුර්ණ වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles