ටෙලිකොම් සභාපති ධුරය ආචාර්ය මොතිලාල්ට

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය මොතිලාල් ද සිල්වා තෝරා පත්කර ගෙන තිබෙනවා.

එම පත්කිරීම අද (04) සිට ක්‍රියාත්මක වන බවයි සඳහන් වන්නේ.

ටෙලිකොම් ක්ෂේත්‍රයේ වසර ගණනාවක පළපුරුද්දක් සහිත වෘත්තීයවේදියෙක් ආචාර්ය මොතිලාල් විදෙස් රටවල් කිහිපයක සේවය කර ඇති අයෙක්ද වනවා.

වසර 5ක් එකදිගට පාඩු ලැබූ ටෙලිකොම් ෆිජි ආයතනය ලාබ ලබන රාජ්‍ය ආයතනයක් බවට පත් කිරීමට ඔහු සමත්වී තිබූ අතර ඔහු එහි සමුහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කර තිබෙනවා.

ආචාර්ය මොතිලාල් ඩයලොග් ආසිආටා සමාගමේ මෙන්ම මැලේසියා ආසිආටා සමාගමේද උසස් තනතුරු දරා තිබෙන බවද සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles