මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන බව ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.
ඒ අනුව එළැඹෙන අප්‍රේල් 10 වනදා සිට මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් පිළිබඳ තොරතුරු දත්ත පද්ධතියකට ඇතුළු කරන බවයි ඔහු කියා සිටියේ.
දඩ මුදල් ගෙවීම් සිදු කරන තැපැල් කාර්යාල හරහා වරදේ ස්වභාවය, අදාළ පොලිස් ස්ථානය, රියදුරු බලපත්‍රයේ විස්තර සහ දුරකතන අංකය යන තොරතුරු මෙම දත්ත පද්ධතියට ඇතුළත් වෙනවා.
මේ අතර මෙරට රියදුරු බලපත්‍රය අවශ්‍ය විදේශිකයන්ට අප්‍රේල් 15 වන දා සිට ගුවන්තොටුපොළේදීම ඒ සඳහා අයදුම්කර රියදුරු බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.