නියඟය රටට දැඩි හානි ගෙන දෙයි ද?

සති කිහිපයක පටන් පවතින වියළි වැසි රහිත කාලගුණ තත්වය නිසා අර්බුද ගණනාවක් ඇති වීමේ ලකුණු පෙන්නුම් කරනවා.

ජලවිදුලිය නිෂ්පාදනය කරන ජලාශවල ජලය අඩු වීමත්, කුඹුරු අක්කර දහස් ගණනක් විනාශ වී යාමත් ඒ අතර මූලික වෙනවා.

මේ වන විට උඩවලව ජලාශය සම්පූර්ණයෙන් සිඳී යාමට ආසන්නව ඇති අතර ඒ්‍ ආශ්‍රිතව වගා කර ඇති කුඹුරු අක්කර 65000කට වැඩි ප්‍රමාණයක් විනාශ වී යෑමේ තර්ජනයට මුහුණ පා තිබෙනවා. සමනළ වැව ජලාශයෙන් ජලය ප්‍රමාණයක් ලබා දී කිරි වැදී එන ගොයම බේරා දෙන්නැයි ගොවීන් ඊයේ ඇඹිලිපිටිය, අගුණකොළ පැලැස්ස ආදී නගරවල උද්ඝෝෂණයක නියැළුණා.

ඒ අතර සමනළ වැව ජලාශයේ ජල මට්ටම ඝන මීටර් මිලියන 60 දක්වා අඩු වුවහොත් දකුණු පළාතට පැය තුනක විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බැවින් උඩවලව වෙත ජලය ලබා දීම ගැටලුවක් ව පවතිනවා.

මෙම ගැටලු විසඳාගැනීමට නොහැකි වුවහොත් කුඹුරු අක්කර 65000ක් විනාශ වී යන අතර සමස්ත භෝග සහ ජල විදුලි හානි එකතුව රුපියල් මිලියන 3000ක් ඉක්මවනු ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් ඊයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියේ ඔක්තෝබර් දක්වා වැසි අපේක්ෂා කළ නොහැකි බවයි. සමස්ත දිවයින පුරාවටම ද දැඩි වියළි කාලගුණ තත්වයකුයි පවතින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles