දේශබන්දු පොලිස්පති කරනවට විරුද්ධ වුණේ කුඩු නීතිඥයෝ : මහජන ආරක්ෂක ඇමැති

කිසිදු බලපෑමකට යටත් නොවී මත්ද්‍රව්‍ය සහ පාතාලය මැඬලීමේ ක්‍රියාන්විතය අඩියක් හෝ පසුපසට නොගෙන ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අවධාරණය කරනවා.

ඊයේ (20) දින පැවැති ප්‍රජා පොලිස් කමිටුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

මේ අවස්ථාවට ඔහු සමඟ වැ.බ. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහභාගි වී තිබුණා.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසුවා,

ඉස්සර ලොකු කුඩුකාරයෙක් ඇල්ලුවහම බලවතෙක්ගෙන් කෝල් එකක් එනවා. අරින්න කියලා. මට එකක් කියන්න පුළුවන් අපේ ජනාධිපතිතුමත් මාත් ඉන්න කල් එවැනි දේවල්වලට අපි ඉඩ තියන්නේ නෑ. සමහර නීතිඥවරු ගැන මම කතා කළා කියලා සමහර නීතිඥවරු කලබල වෙලා. මං කිව්වේ ඇත්ත. අපේ රටේ ඉන්නවා ලොකු නීතිඥ මහත්වරු. කුඩු නඩු ගෙනාවහම අපිට ඒවා භාරගන්න බෑ කියනවා. නමුත් අතලොස්සක් ඉන්නවා මිලියන, බිලියන ගණන්වලට ඒවා කතා කරනවා. ඒ අය කියනවා ඕන නඩුවක් කතා කරන්න අයිතිය තියෙනවා කියලා. මාත් කියනවා එහෙම තියෙනවා. නමුත් ඒවා සදාචාරාත්මකද කියන එක තමා මම කිව්වේ. වැඩබලන පොලිස්පතිව පත් කරනකොට අපි මොන තරම් ප්‍රශ්න තිබුණ ද? ජනාධිපතිතුමාට මොන තරම් පෙෂර් එකක් දුන්නද පිට මිනිස්සු. ඒ අය කවුද කියලා මම බලාගෙන යනකොට, එයාලා තමා මේ කුඩු නඩුවලට කතා කරන නීතිඥ මහත්වරු. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles