රටේ අපරාධ නැති කිරීමට තමාට ඉලක්කයක් ඇතැ යි ද ඊට බාධා කරන ඕනෑම අයෙකුට ‘ගහගෙන‘ යන බවද මහජන ආරක්ෂක අමාත්‍යවරයා පවසනවා.
මොන තරම් බලවත් පුද්ගලයෙක් වුවත් තමා කටයුතු කරන්නේ එලෙස බවයි ඔහු පවසන්නේ. දෙසැම්බර් 30ට පෙර තමාට අපරාධ මර්දනයේ ලොකු වෙනසක් අවශ්‍ය බවත් අමාත්‍යවරයා කියා සිටිනවා.
කොළඹ පැවති පොලිස් වැඩමුළුවකදී මේ කරුණු පළ කළ අමාත්‍යවරයා සමාජ මාධ්‍යවල කුලප්පු වී තමාට සහ පොලිස්පතිතුමාට ප්‍රහාර එල්ල කරන බවත් ඒ පිටුපස ඇත්තේ කුඩු සල්ලි බවත් කියා සිටියා. තමා හොඳ හැටි තෙම්පරාදු වූ අයෙක් බවත් ‘ඔහොම ගහලා වට්ටන්න බැරි‘ බවත් ඇමැති ටිරාන් තවදුරටත් එහිදී කියා සිටියා.