මත්ද්‍රව්‍ය වැටලීමට ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම හරහා විශාල අයුක්තියක් සිදුවෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසනවා.
මෙම මෙහෙයුමේ ප්‍රධානීන් දෙදෙනා වන අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන දෙදෙනාටම චෝදනා එල්ල වන බවද ඈ සඳහන් කර සිටිනවා.
යුක්තිය මෙහෙයුමෙන් අත්අඩංගුවට ගන්නෙ කුඩු භාවිතයට ඇබ්බැහිවූවන් බවත් එම අත්අඩංගුවට ගත් පිරිසට දඬුවම් කිරිම නොව ඔවුන්ට සිදු කළ යුත්තේ ප්‍රතිකාර ලබා දීම බවයි ඇයගේ ප්‍රකාශයේ වැඩි දුරටත් සඳහන් වන්නේ.
ඒ් අනුව කුඩු ජාවාරම්වලට සම්බන්ධ සැබෑ කුඩු ජාවාරම්කරුවන් සිටින්නේ දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පතිගේ සාක්කුවේ බව මන්ත්‍රීවරිය කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කර තිබෙනවා.