ව්‍යාජ ලේඛන සකස් කර ස්නායු රෝගීන් වෙනුවෙන් භාවිත කෙරෙන ඉමියුනෝග්ලොබින් නම් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර රුපියල් කෝටි ගණනක වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් වන විමර්ශන දැන් ක්‍රියාත්මක වෙනවා.
මේ සම්බන්ධයෙන් එම ව්‍යාජ ඖෂධ ගෙන්වූ සමාගම් හිමිකරුවා සහ සෞඛ්‍ය බලධාරීන් සිව් දෙනෙක් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්රගුප්තටද චෝදනා එල්ල වුණු අතර ඔහු සෞඛ්‍ය ලේකම්ව සිටියදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්න කරනු ලැබුවා.
කෙසේ වෙතත්, විමර්ශන මෙසේ ක්‍රියාත්මක වෙද්දී, හිටපු සෞඛ්‍ය ලේකම්වරයා හදිසියේ රෝගාතුර වී ප්‍රතිකාර පිණිස කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇතැයි වාර්තා වෙනවා.