ඖෂධ නියාමන අධිකාරිය ඉදිරිපිටදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති තුෂාර රණදේව විශේෂ හෙළිදරව්වක් කරනු ලැබුවා. එම අධිකාරියේ ලිපි ගොනු කිහිපයක් මේ වනවිට විනාශ කරමින් තිබෙන බවයි ඒ.
ඒ අතර ඖෂධ නියාමන අධිකාරියේ විධායක අධ්‍යක්ෂවරයා සම්බන්ධයෙන් චෝදනා කිහිපයක් එල්ල කළ ඔහු කියා සිටියේ,
“විධායක අධ්‍යක්ෂවරයා බලෙන් මෙම ඖෂධ නියාමන අධිකාරිය තුළ රැඳී සිටිනවා. ඔහු ඖෂධ නියාමන අධිකාරියට අයත් විවිධ ලිපි ගොනු විනාශ කරමින් සිටිනවා. ඊයේ රාත්‍රියේ මෙම විධායක අධ්‍යක්ෂවරයා ඖෂධ නියාමන අධිකාරියට පැමිණ ලිපි ගොනු වගයක් පේපර් කටර් එකිකන් විනාශ කරලා තිබෙනවා. ඒවා බෑග්වලට දාලා තියෙනවා.”
මෙය ඉතා භයානක තත්වයක් බව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ දෙනා මත පළ කරනවා. කිසිම නෛතික අවසරයකින් තොරව ඖෂධ මෙරටට ගෙන්වූ චෝදනා ලත් සමාගමේ හිමිකරු පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. කෙසේ වෙතත් ගෙන්වූ මෙම බෙහෙත් රෝගීන් වෙත ලබා දී තිබෙන බව වාර්තා වුණා. ඒවා නිසා විවිධ සංකූලතා මතු වූ බවත් මෙම ව්‍යාජ ඖෂධ නිසා භයානක ලෙඩ රෝග බෝ විය හැකි බවත් විද්වත් මතය වනවා.