No menu items!
No menu items!

ඖෂධ ජාවාරම: රෝගීන්ට මාරාන්තික අසාත්මිකතා ඇති විය හැකි බවට ඇඟ කිලිපොලන හෙළිදරව්වක්!

පසුගිය දිනවල මහත් ආන්දෝලනයට ලක් වුණු ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිල දී ගැනීමේ ක්‍රියාවලියේ දී සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්තගේ ක්‍රියාකලාපය අධිකරණයට සැක සහි බව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය පවසා තිබෙනවා.

මේ හේතුවෙන් වගකිව යුතු පාර්ශ්වයන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝග කළ බව වාර්තා වුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය කරුණු දැක්වූ අතර එයින් කියැවුණේ එම එන්නත් මාත්‍රා ක්ෂුද්‍ර ජීවි පරීක්ෂණය අසමත් වී ඇති බවත් රෝගින්ගේ ශරීරයට එන්නත් කරන ලද ද්‍රාවණවල ක්ෂුද්‍ර ජීවින් සිට ඇති බවයි.

මේ හේතුවෙන් මේ එන්නත් ලබා ගත් රෝගීන්ට මාරාන්තික අසාත්මිකතා ඇති විය හැකි බවද එහිදී ප්‍රකාශ වුණා.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ප්‍රශ්නගත ඖෂධය සැපයූ සමාගමේ හිමිකරු සහ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් සිව්දෙනා දෙසැම්බර් 27 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles