මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සදහා මුදල් ගෙවීමේ ක්‍රමයක් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් Easy Cash සහ M-Cash වැනි ක්‍රමවේදයන් යොදා ගත් බවට ලැබුණු තොරතුරකට මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට බුද්ධි නිළධාරීන්ගේ සහාය ඇතිව දිවයින පුරා පොලිස් ස්ථාන ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට වැ.බ. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් උපදෙස් ලබා දී තිබෙනවා.
එහිදී Easy Cash සහ M-Cash මධ්‍යස්ථාන 1,964 ක්, අවසරලත් පුද්ගලික සන්නිවේදන මධ්‍යස්ථාන (communication) 2,131 ක්, Reload and bill payment ජංගම යන්ත්‍ර පිහිටි ස්ථාන 1,074 ක් සහ හඳුනාගත් වානිජ බැංකු ශාඛා සහිත ස්ථාන 1,202 ක් ආශ්‍රිතව මෙම මෙහෙයුම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.
මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ මත්ද්‍රව්‍ය ජාලය පිළිබඳව කරුණු අනාවරණය කර ගැනීම මෙන්ම ඔවුන් විසින් නීති විරෝධීව උපයා ගෙන ඇති වත්කම් පිළිබඳව විමර්ශන ආරම්භ කිරීමට කටයතු කරන බව පොලිස් මූලස්ථානය වැඩිදුරත් සඳහන් කරනවා.