මහරගම අපේක්ෂා රෝහලේ වියළි ආහාර සොරකම් කළ එහි අරක්කැමියන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. කාලයක පටන් මොවුන් දෙදෙනා මේ සොරකම සිදු කරගෙන ගොස් ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.
රෝහලේ නේවාසික රෝගීන්ගේ ආහාර සැකසීමට එහි මුළුතැන්ගෙයි ගබඩා කර තිබෙන වියළි ආහාර කාලයක් තිස්සේ අඩු වීම පිළිබඳ එහි පාලනාධිකාරිය කළ පොලිස් පැමිණිල්ලකට පසු මොවුන් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා. වියළි ආහාර තොගයක් ත්‍රීරෝද රථයක පටවා ගෙනයෑමට සූදානම් කර තිබියදී 38 හැවිරිදි සහ 54 හැවිරිදි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළා. තවත් සැකකරුවන් තිදෙනෙකු අත්ඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය සඳහන් කළා.