ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ නවීකරණ කටයුතු නවතා දමා ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශයේ මාධ්‍ය අංශය නිවේදනය කර තිබෙනවා.
පසුගිය 25 වැනිදා සිදුවුණු සිදුවීමට අදාළව නීතිය ක්‍රියාත්මක වීමෙන් පසු නැවත ආරම්භ කිරීම සිදු කරන බවයි නිවේදනයේ දක්වා ඇත්තේ.
එම දිනයේ ක්‍රීඩාංගණයේ නවීකරණ කටයුතු උත්සවාකාරයෙන් පැවැත්වීමට සූදානම් කර තිබුණා. එහෙත් එයට පෙර දා කොළඹ දී පැවැති ගුරු උද්ඝෝෂණයට ආණ්ඩුව පොලිසිය ලවා දරුණු ලෙස පහර දීම හේතුවෙන් දේශපාලකයන් පාසල් උත්සවයට පැමිණීමට එරෙහිව ගුරුවරුන් පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වනු ලැබුවා.
අදාළ උත්සවයට දේශපාලකයන්ට පැමිණීමට නොහැකි වූ අතර එම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යවරයාද පැමිණ ආපසු හැරී ගිය බවයි වාර්තා වූයේ. කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍යංශ මාධ්‍ය ඒකකය පවසන්නේ, අමාත්‍යවරයා එම අවස්ථාවට නොපැමිණි බවකුයි.
දේශපාලන හේතු මත මෙසේ පළිගැනීම් ක්‍රියාත්මක වීමෙන් අපහසුතාවට පත්වන්නේ දරුවන් බව මෙහිදී පෙනී යන කරුණක්.