නුපුහුණු සේවකයන් යොදා අනතුරක් කළා: ඩර්ඩන්ස් රෝහලට නඩුවක්

නුපුහුණු සේවකයින් සේවයේ යොදා ගැනීම හේතූවෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණී රෝගියකුට අනතුරක් වූ බවට චෝදනාවක් මෙරට ප්‍රසිද්ධ රෝහලක් වන ඩර්ඩන්ස් රෝහලට එරෙහිව එල්ල වී තිබෙනවා. ඒ අනුව කොල්ලුපිටිය පොලිසිය ඔවුන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම නඩුවේ චූදිතයන් ලෙස නම් කර ඇත්තේ, ඩර්ඩන්ස් රෝහල නොහොත් සී/ස සිලොන් හොස්පිටල්ස් පොදු සමාගම, සරත්චන්ද්‍ර අලගියවන්න, විජේසේකර මුදියන්සේලාගේ නිමාලි මධුකා විජේසේකර යන අයයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොවූ 02 වන චූදිත වන විකිරණ ශිල්පියෙකු කාර්ය මණ්ඩලයෙහි සේවයේ යෙදවීමෙන් මීමනගේ හැරල්ඩ් ප්‍රනාන්දු යන අයට අනතුරක් සිදු වූ බවට එහි දැක්වෙනවා. 2006 අංක 21 දරණ පෞද්ගලික වෛද්‍ය ආයතන ( ලියාපදිංචි කිරීමේ) පණත කඩ කර කටයුතු කර ඇති බවයි මෙහිදී චෝදනා නගා ඇත්තේ.

4 COMMENTS

  1. අනවශ්‍ය ලෙස විකිරණ වලට නිරාවරණය වීමෙන් ජාන විකෘති වීම හෝ කැන්සර් සෑදීම සිදුවිය හැක

  2. මට බඩේ අමාරුවක් හැරිලා ගිය වෙලාවෙ මට ඒකට බෙහෙතක් දෙනවා වෙනුවට පැනඩෝල් පැනඩෝල් දුන්න.වෙන එක එක දොස්තරලාගේ නම් නියෝජනා කරා.ඒ අය ගෙන්නන්නද ඇහුවා.මම ඔෆිස් එකේ ඉඳලා එකට ගියේ.මට කිව්වා මට බඩේ අමාරුවක් හැදුනා මං බොන්නේ අහවල් බෙහෙද මට ඒක දෙන්න කියලා.ඊට පස්සේ ඒ පෙත්ත බිව්වට පස්සේ මට හොඳ හොඳ උනා.දොස්තරයේ බෙහෙත නම කිව්වහම මට කිව්වා ගුඩ් අයිඩියා කියලා.අන්තිමේදි මගේ බිල ඇවිල්ල තිබ්බා එක පැයකට රුපියල් 30000ක්..මේ කාලකන්නි ආයතනය ලෙඩ්ඩුන්ගෙන් ගරන්නේ ඔහොමයි

    • I heard lot of stories like this. Govt should intrviene and do something to reduce hospital chages bcs their charges are very heay and patients cannot afford to pay. currently people reluctant to go to private hospitals instead their option is govt hospitals. Curently i heard when yu go to private hospitals doctors prescribe unneessary medical tests for their benefits.

  3. සුදුසුකම් ලැබූ කාර්යය මන්ඩල මහත්ම මහත්මීන්ගෙන් රෝගි කටයුතු වලදී අවශ්‍ය කටයුතු සිදුකරගැනීම තුලින් රෝගියට සිදුවන අනතුරු වලින් රෝගියා ආරක්ශා වනු ඇත…..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles