රාජ්‍ය ඇමතිගේ මාමණ්ඩි වෙඩි පහරින් මරුට

ගාල්ල ඩික්සන් පාරේ ඊයේ (23) පස්වරු 07.00ට පමණ සිදුවූ වෙඩිතැබීමකින් ව්‍යාපාරිකයෙකු මරණයට පත්ව තිබෙනවා.

මිය ගොස් ඇති පුද්ගලයා රාජ්‍ය ඇමති රාජ්‍ය ඇමති ඩී.වී. චානක මහතාගේ මාමා කෙනෙක් බවයි පැවසෙන්නේ.

ලලිත් වසන්න නමැති ඒ මහතාට අයත් ගාල්ලේ පිහිටි රෙදිපිළි ව්‍යාපාරික ස්ථානය වසා දමා නිවස බලා යමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ඉලක්ක කරගෙන යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් ටී56 අවියකින් වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

පොලිසිය පවසන්නේ වෙඩි පහරවල් පහළොවක් පමණ එල්ල කර ඇති බවයි. එම ස්ථානයේම රාජ්‍ය අමාත්‍යවරයාගේ මාමන්ඩිය මිය ගොස් තිබෙනවා.

මෙම ඝාතනයට හේතුව පැහැදිලිවම අනාවරණය වී නැති බවත් ඒ සම්බන්ධ විමර්ශන පැවැත්වෙන බවයි ගාල්ල පොලීසිය පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles