ගෝඨාභය රාජපක්ෂ ජනපති බවට පත් කිරීමට සෑහෙන කාර්යභාරයක් සිදු කළ වියත් මග සංවිධානයේ ප්‍රධානියෙකු මෙන් ම පසුව ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධාන උපදේශකයෙකු බවට පත්ව සිටි ආචාර්ය නාලක ගොඩහේවා මේ වන විට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ආර්ථික උපදේශක ලෙස පත්කර ගෙන ඇතැයි වාර්තා වෙනවා.
රට බංකොලොත්භාවයට ඇද දැමූ බොහෝ ප්‍රතිපත්ති තීරණ ගැනීමට ගෝඨාභයට උපදෙස් දුන් ගොඩහේවාගේ මේ රූපාන්තරණය දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක් වෙනවා. එක රැයින් රසායනික පොහොර තහනම් කිරීම වැනි අමනෝඥ තීරණ පිටුපස සිටියේ ගොඩහේවා බවයි තතුදත් අය පවසන්නේ.
කෙසේ වෙතත්, සමගි ජනබලවේගයේ මෙතෙක් ආර්ථික උපදේශනය සැපයූ හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න වැනි අය මේ හේතුවෙන් කළකිරීමට පත්ව ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.