ජගත් මිහිතල දිනය අද (22) යෙදී තිබෙනවා.
වර්ෂ 1970 අප්‍රේල් 22 දින ප්‍රථම වරට අමෙරිකා එක්සත් ජනපදයේදී ජගත් මිහිතල දිනය සමරා ඇති බව සඳහන් වෙනවා.
මෙවර ජගත් මිහිතල දින තේමාව වන්නේ “මිහිතලය සහ ප්ලාස්ටික්” යන්නයි.
ප්ලාස්ටික් භාවිතයෙන් මිනිසාගේ සහ පාරිසරික සෞඛ්‍යයට ඇති කරන අහිතකර බලපෑම් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමයි එහි අරමුණ වී තිබෙනවා.
අද වන විට රටවල් 193ක බිලියක පමණ ජනතාව මිහිතල දිනය වෙනුවෙන් පරිසරය සහ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම එක්ව සිටින බවයි සඳහන් වන්නේ.