ශ්‍රී ලංකාවේ රිච්ටර් පරිමාණයේ 4.65 ක සුළු භූ කම්පනයක් වාර්තා වී තිබෙනවා.
මඩකලපුවට කිලෝමීටර් 300ක් ඊසාන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ මෙය සිදුවී ඇති බව භූ විද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යාංශය පවසනවා. අද (11) අලුයම 1.30ට පමණ මෙය සිදුව ඇති බව සඳහන්.
මේ කම්පනය හේතුවෙන් සුනාමි තර්ජනයක් නැති බව කාර්යාංශය තවදුරටත් සඳහන් කරනවා.