පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ චෝදනාවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වන්දි ගෙවන ලෙස නියෝග ලද අය එකී පණවනු ලැබූ වන්දි මුදල්වලින් කොටස් ප්‍රමාණයක් ගෙවා තිබෙනවා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමා ගෙවිය යුතු මිලිනයන 100න් මිලියන 15 ගෙවා තිබෙනවා. ඉතිරි මිලියන 85 ගෙවීමට මෝසමක් මගින් කල් ඉල්ලා තිබෙනවා.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ඔහු ගෙවිය යුතු මිලියන 75න් 1.5ක් ද හිටපු ජාතික බුද්ධි අධ්යක්ෂ සිසිර මෙන්ඩිස් රුපියල් මිලියන 10න් රුපියල් මිලියන 5ක් ද පියවා ඇති බවද වාර්තා වනවා.
හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන තමා ගෙවිය යුතු වන්දි මුදල වන මිලියන 75න් කොටසක් හෝ ගෙවා නැහැ.