වැ.බ. පොලිස්පති ධුරයට පත් කර ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලන ලෙස ඉල්ලමින් පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන් තිදෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා.
ඒ.එම්.ඒ. නිශාන්ත, පී.එම්.ආර්. ප්‍රනාන්දු සහ ජේ.ඒ.ඩී.එෆ්. ප්‍රියන්ත යන අය විසින් පෙත්සම ගොනු කර ඇත්තේ නීතිපතිවරයා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සමාජිකයන් සහ වැ.බ. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වගඋත්තරකරුවන් කරමින්.
2019 වසරේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා එවක ජනපති මෛත්‍රී පත් කළ විමර්ශන කොමිසන් සභාව ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන්ගේ බරපතළ නොසැලකිලිමත්කම් සහ අතපසුවීම් කිහිපයක් අනාවරණය කර ඇති බව පවසන පෙත්සම්කරුවෝ දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව විනය පියවර ගැනීමට ඉන් යෝජනා කර තිබූ බව පෙන්වා දෙනවා.
නීතිඥ තුෂාරි ජයවර්ධන හරහා ඉදිරිපත් කර ඇති මෙම පෙත්සමෙන්, දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට අදාළව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41සී ව්‍යවස්ථාව අනුව ජනපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා තිබෙනවා.