එළවළු කන එකත් හීනයක් වෙයි: මෑත ඉතිහාසයේ වැඩිම එළවළු මිල අද!

මෑත ඉතිහාසයේ වැඩිම එළවළු මිල අද දින වාර්තා වුණු බව පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සංගමය පවසනවා. මේ පිළිබඳ අදහස් දක්වන පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සංගමයේ ඩි.පී. ප්‍රසාද් සුසන්ත ප්‍රකාශ කර සිටියේ, අද දින පිට පළාත්වලින් කොළඹට එළවළු එවා නැති බවයි.


කැරට් රු. 600, බෝංචි රු. 600, තක්කාලි රු. 600, මාළු මිරිස් රු 600, ගෝවා රු. 500, වම්බටු රු. 500 වැනි මිල ගණන්වලට ඉතිහාසයේදීවත් මිල වැඩි වී නැති බව ප්‍රසාද් සුසන්ත පවසනවා. වැස්ස සමඟ එළවළු මිල තවත් වැඩි වී ඇති අතර තව ඉදිරියට මිනිස්සුන්ට එළවළු කන එක හීනයක් බවට පත් වන බවයි, ඔහු පවසන්නේ.

පවතින අධික වර්ෂාපතනයත්, අස්වැන්න අඩුවීමත් මෙලෙස එළවළු මිල ඉහළ යෑමට හේතු වී ඇති අතර මේ සම්බන්ධව කරුණු පැහැදිලි කිරීම සඳහා හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු ආයතනය අද මාධ්‍ය හමුවක් කැඳවා ඇති බව සඳහන්වෙනවා. එහිදි අදහස් දැක්වූ එහි අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය සමන්ත පල්ලියගුරු පවසා සිටියේ එළවළු මිල ඉහළ යෑමට ප්‍රධානතම හේතුව සැපයුම අඩුවීම බවත් එමෙන්ම උත්සව සමය සමඟ එළවළු ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් මිල ගණන් ද ඉහළයෑමක් සිදුවිය හැකිබව ප්‍රකාශ කර සිටියා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles