ඉක්වදෝර ජනපති අපේක්ෂයාට වෙඩි තබා ඝාතනය කරයි

ඉක්වදෝරයේ ජනාධිපති අපේක්ෂක ෆර්නැන්ඩෝ විලවිසෙන්සියෝ ඊයේ එරට අගනුවර පැවති මැතිවරණ ප්‍රචාරක රැළියකදී ඝාතනය කර තිබෙනවා.

මේ බව නිවේදනය කර තිබෙන්නේ එරට ජනපති ගියෙරේමෝ ලසෝ විසින්. ඝාතකයින්ට උපරිම දඬුවම් ලබා දෙන බවයි ඔහු සපථ කර ඇත්තේ.

අගෝස්තු 20 වැනි දින එරට ජනාධිපතිවරණයේ පළමු වටයේ ඡන්දය පැවැත්වීමට දින 10කට පෙර මැතිවරණ ප්‍රචාරක රැළියක් ආමන්ත්‍රණය කර පිටව යද්දී මේ වෙඩි තැබීම සිදු ව තිබෙනවා.

එරට ජාතික සභාවේ නියෝජිතයෙක් වන ෆර්නැන්ඩෝ විලවිසෙන්සියෝ රට තුළ පවතින මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ප්‍රචණ්ඩත්වයට විවෘතව එරෙහිව පෙනී සිටි අයෙක්.

කෙසේ වෙතත් ඝාතන සිදුවීමේදී ආරක්ෂක නිලධාරීන් සමඟ අති වූ වෙඩි හුවමාරුවකින් පසු සැකකාර ඝාතකයා පොලිස් අත්අඩංගුවේදී මිය ගිය බව වාර්තා වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles