උසස් පෙළ නියමිත දිනට පවත්වන්නැයි ඉල්ලති

අපොස උසස් පෙළ විභාගය දැනට නියමිත දිනවලදී පවත්වන ලෙස අධ්‍යාපන විශේෂඥයින් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. විභාග කල්දැමීම හේතුවෙන් විවිධ විභාගවලට මුහුණ දෙන සිසුන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙන බවයි ඔවුන් පවසන්නේ.

රටේ තත්වය වසංගතයෙන් පසු මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බැවින් නියමිත පරිදි විභාග පැවැත්විය යුතු බවයි ඔවුන්ගේ අදහස වී ඇත්තේ.

කිසියම් හේතුවක් මත විභාගය කල් දැමුවහොත් අනෙකුත් සියලුම විභාග සහ පිළිතුරු පත්‍ර ඇගයීම් නැවත ප්‍රමාද වන බව අධ්‍යාපන විශේෂඥයන් තවදුරටත් පවසනවා.

උසස් පෙළ විභාගය තරඟකාරී විභාගයක් බැවින් කිසිදු සිසුවෙකුට අසාධාරණයක් නොවන බව පෙන්වා දෙන ඔවුන් පාසල්වල විභාග ක්‍රියාපටිපාටිය සහ අධ්‍යාපන කටයුතු සිදු කර ඇති බැවින් උසස් පෙළ කිසිසේත් කල් නොදැමිය යුතු බවයි අවධාරණය කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles