සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය විසින් අද (12) සිට බිත්තරයක මිල ඉහළ නැංවීමට කටයුතු කළ ඇති බව වාර්තා වෙනවා.
මෙලෙස බිත්තර මිල ඉහළයෑමට තීරණය කර ඇත්තේ බිත්තර බෙදාහැරීමේ දී සිදුවන වියදම් සහ එම වෙළෙඳාමට බලපාන වියදම් රැසක් ම ඉහළ යාම හේතුවෙන් බවයි එම සංගමයේ ලේකම් බුද්ධික වීරසේන පවසන්නේ.
ඒ අනුව අද සිට බිත්තරයක තොග මිල රුපියල් 58ක් වන අතර සිල්ලර මිල රුපියල් 63ක් දක්වා ඉහළ යා හැකි බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.