බිත්තර මිල යළිත් වැඩි වෙයි

දේශීය බිත්තරයක මිල රුපියල් 3.00 කින් වැඩි කිරීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ, වැට් බද්ද වැඩි කිරීම හේතුවෙන් දේශීය බිත්තර නිෂ්පාදන වියදම රුපියල් 8.00 කින් ඉහළ යාම හේතුවෙන්.

කුකුළු ගොවිපළෙන් රුපියල් 45 ට අලෙවි කළ දේශීය බිත්තරයක තොග මිල 48 ක් බවත්, පසුගිය දා සංගමයේ අධ්‍යක්ෂක මණ්ඩලය රැස්වී ගනු ලැබූ මෙම මිල වැඩි වීම එදින සිට ක්‍රියාත්මක කෙරෙන බවත් සභාපති සරත් මහතා පවසනවා.

එමෙන්ම සිල්ලර වෙළෙදුන් දේශීය බිත්තරයක් රුපියල් 54,55 අලෙවි කරන බවයි ඔහු පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles