ශ්රී ලංකා මහ බැංකු පරිශ්රයට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ බව කියන 09 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වාර්තා වන්නේ ලීසිං සහ ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමයේ පිරිසක් බැංකුවට ඇතුළු වීමට උත්සාහ කිරීමත් සමඟ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ බවයි.
කල්බදු පහසුකම් සඳහා සහන ලබාදෙන ලෙස ඉල්ලා මෙම පිරිස මහ බැංකුවට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ කර තිබුණා.
කොටුව පොලිසිය විසින් මෙම පුද්ගලයින් අට දෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.