නුවන් හෙට්ටිආරච්චි
ශ්‍රී ලංකාව I.M.F විසින් නිර්දේශ කර තිබෙන කොන්දේසි අටක් සම්පුර්ණ කිරීමට අසමත්ව තිබෙනවා.
මැයි මාසය අග වන විට සපුරාලිය යුතුව තිබුණු කොන්දේසි අතරින් හතරක් සපුරාලීමට ශ්‍රී ලංකාවට නොහැකි වීමත් සමග ජූනි අගවන විට සපුරාලීමට නොහැකි වූ කොන්දේසි ගණන අට දක්වා ඉහළ ගිය බවයි සඳහන් වෙන්නේ.
එහි ප්‍රධාන වශයෙන් සම්පුර්ණ කිරීමට නොහැකි වු කරුණක් වන්නේ ආණ්ඩු පක්ෂයේ සිටින පොහොට්ටුවේ මැති ඇමතිවරුන් විරුද්ධ වු දූෂණ විරෝධී පනතයි.නමුත් එම දුෂණ විරෝධි පනත සහ නව මහ බැංකු පනත සම්බන්ධයෙන් මෙම සතිය තුළ පාර්ලිමේන්තුුවයම් තීරණයක් ගැනීමට ද නියමිතව තිබෙනවා.
කෙසේ වුවද ශ්‍රී ලංකාවට ජූනි මාසයේ අග වන විට සපුරාලිය නොහැකි වු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්දේශ කර තිබෙන කොන්දේසි අට පහත දැක්වෙනවා.
01.බදු ආදායම රුපියල් බිලිය 650 දක්වා ඉහළ දමා ගැනීම.
02.ඔට්ටු හා සූදු බදු අනුපාත ඉහළ දැමීම.
03.නව මහ බැංකු පනතට අනුමැතිය ලබා ගැනීම.
04.මූල්‍ය විනිවිද භාවය ආරක්ෂා කර ගැනීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යෝජනා කර තිබෙන මාර්ගගත වේදිකාවක් නිර්මාණය කිරීම.
05.නව දූෂණ විරෝධී පනතක් සම්මත කර ගැනීම.
06.රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය කිරීම සදහා කැබිනට් අනුමැතිය ලබා ගැනීම.
07.රජය සතු ප්‍රධාන ව්‍යවසායන් 52 ක වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරීම.
08.ආනයන සීමා ක්‍රමයෙන් ලිහිල් කිරීම.